නිහාරිකා යනු මොනවාද?
නිහාරිකා යනු අභ්‍යවකාශයේ ඇති යෝධ දූවිලි හා වායු වලාකුළු වේ. සමහර නිහාරිකා නිර්මාණය වන්නේ මිය යමින් පවතින තාරකාවක් පිපිරීමෙන් (සුපර්නෝවා පිපිරීමකින්) පිටතට විසි කරන වායු හා දූවිලි මගිනි. ඒවාගේම නිහාරිකා යනු නව තාරකා සෑදීමට පටන් ගන්නා කලාප වේ.

නිහාරිකාවක තරු හැදෙන්නේ කෙසේද?
නිහාරිකා සෑදී ඇති වායූන් වන්නේ බොහෝ විට හයිඩ්‍රජන් සහ හීලියම් ය. නිහාරිකාවක ඇති දූවිලි හා වායූන් ඉතා ඈතට විහිදී පැතිරී ඇත. නමුත් ගුරුත්වාකර්ෂණය මගින් සෙමෙන් සෙමෙන් ඒ දූවිලි හා වායු පොකුරු එකට ඇද ගැනීමට පටන් ගනී. මෙම පොකුරු විශාල වන තරමට ඒවායේ ගුරුත්වාකර්ෂණය වඩ වඩාත් ශක්තිමත් වේ.
අවසානයේදී, මේ දූවිලි හා වායු පොකුර තමාගේම ගුරුත්වාකර්ෂණය නිසා කඩා වැටෙන (collapse වන) තරමට විශාල වේ. මේ කඩා වැටීම (collapse වීම) වලාකුළේ මධ්‍යයේ ඇති ද්‍රව්‍ය රත් වීමට හේතු වේ. මේ උණුසුම් හරය තාරකාවක ආරම්භය වේ.

නිහාරිකා තියෙන්නේ කොහේද?
තාරකා අතර ඇති අවකාශයේ නිහාරිකා පවතී. මෙය අන්තර් තාරීය අවකාශය ලෙසද හැඳින්වේ. පෘථිවියට සමීපතම නිහාරිකාව Helix Nebula ලෙස හැඳින්වේ. එය පෘථිවියේ සිට ආලෝක වර්ෂ 700 ක් පමණ දුරින් පිහිටා ඇත. ඒ කියන්නේ ඔබට ආලෝකයේ වේගයෙන් ගමන් කළ හැකි වුවද, ඔබට එහි යාමට වසර 700 ක් ගතවනු ඇත!

නිහාරිකා මොන වගේද කියලා අපි දන්නේ කොහොමද?
තාරකා විද්‍යාඥයන් ඉතා ප්‍රබල දුරේක්ෂ භාවිතා කර ඈත නිහාරිකා වල ඡායාරූප ලබා ගනී. නාසා හි Spitzer අභ්‍යවකාශ දුරේක්ෂය සහ හබල් අභ්‍යවකාශ දුරේක්ෂය වැනි අභ්‍යවකාශ දුරේක්ෂ මගින් දුර බැහැර නිහාරිකාවල ඡායාරූප රාශියක් ලබාගෙන ඇත.
වැඩිදුර කියවීමට: අඳුරු ශක්තිය යනු කුමක්ද?