මනුෂ්‍ය වර්ගයාට පෘථිවිය හැර යාමට ඇත්තේ වසර 600 කටත් වඩා අඩු කාලයකි: ස්ටීවන් හෝකින්ගේ අනතුරු ඇඟවීම.

ඉදිරි සියවස් පහ තුළ, මානව වර්ගයා, අභ්‍යවකාශයේ සැරිසරන විශේෂයක් බවට පත් නොවන්නේ නම්, අපි වඳ වී යා හැකි බව ස්ටීවන් හෝකින් අනතුරු අඟවා ඇත.

බෙයිජිං (Beijing) හි ටෙන්සන්ට් වෙබ් සමුළුවේදී (Tencent Web Summit – 2017 නොවැම්බර් 5) කල ඉදිරිපත් කිරීමේ දී, මේ කීර්තිමත් විද්‍යාඥයා අනතුරු ඇඟවා ඇත්තේ, දිනෙන් දින ඉහළ යන මානව ජනගහනය සහ එහි බලශක්ති අවශ්‍යතා හේතුවෙන් 2600 වසර වන විට පෘථිවිය, වාසයට නුසුදුසු බවට පත් විය හැකි බවයි.

එබැවින් හෝකිං උපදෙස් දුන්නේ අපේ සියලු හැකියාවන් එකට එකතු කර “මීට පෙර කිසිවෙකු නොගිය තැනකට නිර්භීතව යන්න” කියායි.

Breakthrough Starshot නම්, බලගතු ලේසර් කිරණ වල සහයෝගයෙන්, ආලෝකයේ වේගයෙන් 20% දක්වා වේගයෙන් යා හැකි කුඩා, මිනිසුන් රහිත, රුවල් වලින් සමන්විත ගවේෂණය සංවර්ධනය කිරීම අරමුණු කරගත් ඩොලර් මිලියන 100 ක ව්‍යාපෘතියේ ගවේෂණ හැකියාව ගැනද හෝකිං සිය කතාවේදී අවධාරණය කරන ලදී.

එවැනි නැනෝ ප්‍රමාණයේ යාත්‍රාවකට පැයකට අඩු කාලයකින් අඟහරු ග්‍රහයා වෙත පියාසර කළ හැකිය. බොහෝ විට ජීවත් වීමේ අවකාශයක් ඇති (habitable), අපෙන් ආලෝක වර්ෂ 4.2 ක් ඈතින් පිහිටා ඇති, ප්‍රොක්සිමා බී (Proxima B) තාරකාවට, වසර 20 ක අභ්‍යවකාශ ගමනකින් පසු ලගා විය හැකි බවත්, හෝකින් සහ අනෙකුත් Starshot කණ්ඩායමේ සාමාජිකයින් පවසා ඇත.

Breakthrough Starshot අභ්‍යවකාශ යානය සිත්තරෙකුගේ ඇසින්.
Credits: Breakthrough Initiatives

“සමහර විට සියල්ල හොඳින් සිදුවුවහොත්, මේ සියවසේ මැද භාගයෙන් පසුව, අපට ආසන්නතම තාරකාව වන Proxima B වටා භ්‍රමණය වන, මිනිස් වාසයට හිතකර, වෙනත් ග්‍රහලෝකයක් පිළිබඳ අපගේ පළමු පින්තූරය අපට ලබා ගත හැකිය” යනුවෙන් Breakthrough Starshot ව්‍යාපෘතියේ විධායක අධ්‍යක්ෂක Pete Worden විසින්, Beijing හි පැවති සමුළුවේදී පවසා ඇත.

3.4 5 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x