ඉතිහාසයේ බිහිවූ ප්‍රබලතම අභ්‍යවකාශ දුරේක්ෂය දියත් කිරීමට සියල්ල සුදානම්!
නාසා ආයතනය, James Webb අභ්‍යවකාශ දුරේක්ෂයේ අවසාන පරීක්‍ෂණ කටයුතු අවසන් කර ඇති අතර දැන් එය French Guiana හි Kourou දියත් කිරීමේ ස්ථානයට ප්‍රවාහනය සඳහා සූදානම් කරමින් සිටී.

Photograph: Dotted Zebra/Alamy
වියපත් වන හබල් දුරේක්ෂයේ අනුප්‍රාප්තිකයා වන්නේ මේ Webb ය. 1996 දී එහි වැඩ කටයුතු ආරම්භ විය. එකල එය හැඳින්වූයේ ඊළඟ පරම්පරාවේ අභ්‍යවකාශ දුරේක්ෂය ලෙස ය. එය ඩොලර් මිලියන 500 ක් (යුරෝ මිලියන 363) ක් වැය වන බවට පුරෝකථනය කරන ලද අතර එය 2007 දී දියත් කිරීමට සූදානම් විය.
Webb යනු ලොව සංකීර්ණතම අභ්‍යවකාශ විද්‍යා නිරීක්ෂණාගාරයයි. එය මීටර 6.5 ක කැඩපතකින් සහ ටෙනිස් පිටියේ ප්‍රමාණයේ sun-shield එකකින් සමන්විත වන අතර ඒ සියල්ල යුරෝපීය අභ්‍යවකාශ ඒජන්සියේ Ariane 5 රොකට්ටුවේ නාස් කේතුවට ඇතුල් කර මේ වසර අවසානයේදී දියත් කිරීමට සියලු සැලසුම් සකස් කර ඇත.
අභ්‍යවකාශයට ගිය පසු එය නිවැරදිව දිග හැරෙන බවට සහතික කරගත යුතු නිසා තාක්ෂණික අභියෝග විශාල සංඛ්‍යාවක් උත්පාදනය වී ඇති අතර මෙය බොහෝ ප්‍රමාදයන්ට හේතු වී ඇත. ඒවගේම මුළු වියදම ඩොලර් බිලියන 10 ක් දක්වා ඉහළ ගොස් ඇත.
දැන්, අවසාන පරීක්ෂණ මාලාව සාර්ථකව නිම කිරීමත් සමඟම, දුරේක්ෂය දියත් කර ඒ සියල්ල සැලසුම් කළ පරිදි ක්‍රියාත්මක වේදැයි බැලීම හැර වෙන කළ හැකි දෙයක් නැත. දියත් කළ පසු මේ James Webb අභ්‍යවකාශ දුරේක්ෂය, පෘථිවියේ සිට කි.මී 1.5 ක් (සැතපුම් 930,000) ඈතින් පිහිටි එහි අවසාන කක්ෂය වෙත යාමට මාසයක් පමණ ගත වේ.