ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය, නැවත යතා තත්වයට පත් කල නොහැකි බිද වැටීම් කිහිපයකට මුහුණ පා ඇත

යල් පැන ගිය උපකරණ සහ දෘඩාංග හේතුවෙන් ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයට (ISS) “නැවත නිවැරදි කළ නොහැකි” බිදවැටීම් වලට මුහුණ පෑමට සිදු විය හැකි බව රුසියානු නිලධාරියෙක් අනතුරු අඟවා තිබේ.

අයිඑස්එස් හි රුසියානු කොටසේ ගුවන් යානා පද්ධති වලින් අවම වශයෙන් සියයට 80 ක් වත් කල් ඉකුත් වීමේ දිනය අවසන් වී ඇති බව Vladimir Solovyov නම් රුසියානු නිලධාරියා රාජ්‍ය මාධ්‍ය වෙත පවසා ඇත.

කාලයත් සමඟ නරක අතට හැරෙන කුඩා ඉරිතැලීම් සොයාගෙන ඇති බව ද ඔහු පැවසීය.

දෘඩාංග ගැන රුසියාව නිතරම අවධානය යොමු කර ඇති අතර 2025 න් පසු ISS වෙතින් රුසියාව ඉවත් විය හැකි බවටද යෝජනා කර තිබේ.

රුසියාව, ඇමරිකාව, කැනඩාව, ජපානය සහ යුරෝපීය රටවල් කිහිපයක් ඒකාබද්ධ ව්‍යාපෘතියක කොටසක් ලෙස මෙම ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය 1998 දී ඉදිකරන ලද අතර මුලින් සැලසුම් කර තිබුණේ වසර 15 ක ආයු කාලයක් සඳහා ය.

ISS හි රුසියාවේ අංශයේ ප්‍රමුඛතම සංවර්‍ධක වන, Energia අභ්‍යවකාශ සමාගමේ ප්‍රධාන ඉංජිනේරු Mr. Solovyov මෙසේ පැවසීය: “පද්ධති මුළුමනින්ම කල් ඉකුත් වී දිනකට පසු, ආපසු යතා තත්වයට පත් කල නොහැකි බිදවැටීම් ආරම්භ විය හැකිය.”

ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ බොහෝ උපකරණ කල් ඉකුත් වීමට පටන් ගෙන ඇති බවත්, ඉක්මනින් ප්‍රතිස්ථාපනය කළ යුතු බවත් ඔහු පසුගිය වසරේ අනතුරු ඇඟවීය.

රුසියාවේ Zarya cargo module හි මතුපිට ඉරිතැලීම් හමු වූ බව මේ හිටපු අභ්‍යවකාශගාමියා තව දුරටත් නිවේදනය කර ඇත. 1998 දී දියත් කරන ලද මෙය ISS හි පැරණිතම මොඩියුලයක් වන අතර දැන් එය මූලික වශයෙන් ගබඩා කිරීම් කටයුතු සඳහා භාවිතා කෙරේ.

Mr Solovyov, RIA ප්‍රවෘත්ති ඒජන්සියට පැවසා ඇත්තේ “මෙය නරක දෙයක් වන අතර කාලයත් සමඟ ඉරිතැලීම් පැතිරීමට පටන් ගන්නා බවයි.”

රුසියානු අභ්‍යවකාශ ඒජන්සියක් වන Roscosmos පසුගිය වසරේදී කියා සිටියේ structural fatigue එක නිසා ISS ආයතනයට 2030 න් පසුව ක්‍රියාත්මක විය නොහැකි බවයි.

පසුගිය වසර කිහිපය තුළ අයවැය කප්පාදුව සහ දූෂණ වංචා හේතුවෙන් රුසියාවේ අභ්‍යවකාශ වැඩසටහනට දැඩි බලපෑම් එල්ල විය. ISS හි රුසියාවට අයත් කොටස ද ගැටලු රැසකට මුහුණ දී තිබේ.

ISS හි කාර්ය මණ්ඩල සාමාජිකයින් සඳහා වාසස්ථාන සපයන එහි Zvezda සේවා මොඩියුලයද 2019 සිට ගුවන් කාන්දුවීම් කිහිපයක් ද අත්විඳ ඇත.

මෙම පසුබෑම් මධ්‍යයේ වුවද, සිකුරු ග්‍රහයා වෙත යානයක්, අභ්‍යවකාශය වටා චාරිකා කිරීමේ හැකියාව ඇති රොකට්ටුවක් නිර්මාණය කිරීම සහ ලබන වසරේ සඳ මතුපිටට යාමේ මෙහෙයුමක් ඇතුළු සිත්ගන්නාසුළු ක්‍රියාන්විත මාලාවකටද එරට අභ්‍යවකාශ ඒජන්සිය පොරොන්දු වී තිබේ.

5 1 vote
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x